Post by පුංචිබන්ඩා on Jan 4, 2017 10:06:58 GMT 5.5
බලශක්ති අර්බුදයට පිරිත් පැන් වලින් විසඳුම් සොයන ගොබ්බයෝ සහ සූර්ය බල පම්පෝරිය
අප සැමට මේ නව වසරේ සිතන්නට යමක් !!!
www.lankaenews.com, 2017 ජනවාරි 20
පසුගිය සිකුරාදා දින ජාතික පුවත් පත් වල දැන්වීම් මගින් පුද්ගලික අංශයෙන් මහාපරිමාණ විදුළි ජනක යන්ත්‍ර මාර්ගයෙන් රජයට විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කොට කැමැත්තක් දක්වන ආයතන වලට ඉල්ලුම් කරන මෙන් දන්වා ඇත .
සියලු පම්පෝරි ගැසුවද තවමත් ලංකාවේ බලශක්ති අර්බුදයට නිත්‍ය විසඳුමක් දීමට වත්මන් පණ්ඩිතයන්ට ද නොහැකි වී ඇති අතර දූෂිත රාජපක්ෂලාගේ කබල් නොරොච්චෝලේ හෝ නොමැති නම් මෙම මොහොතේ පවා රටේම විදුලි කප්පාදුවක් ඇති වීම වැළක්විය නොහැකි කාරණයකි.
31.12.2016 වාර්තා වන අන්දමට ජාතික විදුලි නිෂ්පාදනය ගිගා වෝට් 35.98 ක් වන අතර ඉන් සියයට පනහක් නිෂ්පාදනය වන්නේ ඉන්ධන මගිනි. සියයට 36 ක් ගල් අඟුරු වන අතර ජලාශ විදුලි උත්පාදනය සියයට 12 දක්වා බැස තිබුණි . සුළං මගින් විදුලිය නිෂ්පාදනය සියයට 2 කි.
මේ වන විට ජලයෙන් විදුලිය නිෂ්පාදනය රාත්‍රී කාලයට පමණක් සීමා වී ඇති අතර ජලාශවල ප්‍රමාණවත් ජලය නොමැති වීම තුල ජලය ගොවිතැන් සඳහා ලබා දීම ද නවතා දමා ඇත. එය සහල් මිල ඉහල යාමටද ඍජුවම බලපා තිබේ.
ඩොලරය රුපියල 152 ඉක්මවා ඇති අතර ඉදිරි මස තුල 160 දක්වා ඉහල යාමේ අවදානමක් පවතී. මෙවැනි මොහොතක අධිකව පිටරටින් ඉන්ධන මිලදී ගෙන විදුලිය උත්පාදනය කිරීම තුල රුපියලේ අගය පවත්වා ගැනීමද අසීරු වනු ඇත .
පසුගිය වසර අවසානයේ මහා උජාරුවෙන් සූර්ය බල සංග්‍රාමය යැයි වැඩ පිළිවෙලක් දියත් කොට 2020 වන විට මෙගා වොට් 200 ක්ද 2025 වන විට මෙගා වොට් 1000 ක්ද ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන බවටත් ගල් අඟුරු / ඩීසල් බලාගාර වලින් පරිසරය විනාශ කරමින් පරිසරයට මුදාහරින කාබන් ඩයොක්සයිඩ් නවත්වා දැමීමටත් බලාපොරොත්තු වන බවද රන්ජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පවසා සිටියේ ය.
පරිසර හිතකාමී ක්‍රම මගින් විදුලි උත්පාදනය දිරි ගැන්විය යුතු බවටත් අවම වශයෙන් ලංකාවේ විදුලි නිෂ්පාදනයෙන් සියයට 20 ක් සූර්ය බලය මාර්ගයෙන් උත්පාදනය කළ යුතු බවටත් කියමින් මෙය 2007 පමණ දූෂිත රාජපක්ෂ පාලන කාලය තුලදීම ආරම්භ කරන ලද්දකි. මහා පරිමාණයෙන් විදුළි උත්පාදනය කිරීම සඳහා බලපත්‍ර සියයක් ලබා දෙන ලද මුත් ඉන් අද දක්වාම ආරම්භ කොට ඇත්තේ 5 දෙනකුට අඩු පිරිසකි. ඉතිරි පිරිස බහුතරය දූෂිත රාජපක්ෂ පාලනයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයාගේ හිතවතුන් වූ අතර මොවුන් සූර්ය විදුලි බලාගාර කිසි දිනක ඉදි නොකරන නමුත් මෙම බලපත්‍ර මිලියන සිය ගණන් වලට විකිණිම සඳහා මාන බලමින් සිටිති. දැනට බලපත්‍ර සියයක් නිකුත් කොට ඇති බැවින් ලංකාවටම සූර්ය බලය දීමට කවුරුන් හෝ ඉදිරිපත් වුවද කිසිදු බලපත්‍රයක් අලුතින් ලබා නොදීමට පාලනාධිකාරිය කටයුතු කරමින් සිටී.
ලංකාව වැනි රටක් සමකය ආසන්නයේ පිහිටිමම සූර්ය බලයෙන් පරිපූර්ණ වීමට හොදටම ප්‍රමාණවත් වුවද රටේ පාලකයන්ගේ මන්ද බුද්ධික භාවය නිසා තවමත් බලශක්ති අර්බුදයෙන් ජනතාව පීඩා විඳිති
ලොව දෙස බැලීමේදී ලෝකයේ සූර්ය විදුලි නිෂ්පාදනයෙන් රටක් ලෙස 2015 අවසාන වන විට අංක එක ගෙන ඇත්තේ චීනයයි .ඒ මෙගාවොට් 43,530 ක ධාරිතාවක් නිෂ්පාදනය කරමින් ලෝකයේම සූර්ය බල නිෂ්පාදනයෙන් සියයට 22.5 ක් පමණ අගයක් ගැනීමෙන්ය. අංක දෙක ජර්මනිය ආදී ලෙස පහත සඳහන් පරිදි ලොව විවිධ රටවල් සූර්ය බල ශක්තිය තම මූලික බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කරමින් දියුණු වෙමින් පරිසර හිතකාමී වෙමින් සිටිති.
රට සහ සූර්ය විදුලි උත්පාදනය මෙගා වොට් වලින් මෙසේය
1 China 43,530
2 Germany 39,700
3 Japan 34,410
4 United States 25,620
5 Italy 18,920
6 United Kingdom 8,780
7 France 6,580
8 Spain 5,400
9 Australia 5,070
10 India 5,050
11 South Korea 3,430
12 Belgium 3,250
13 Greece 2,613
14 Canada 2,500
15 Czech Republic 2,083
16 Netherlands 1,570
17 Thailand 1,420 121
18 Switzerland 1,360
19 Romania 1,325
20 South Africa 1,120
අසල් වැසි ඉන්දියාවද මෙගා වෝට් 5000 නිෂ්පාදනය කරන නමුත් ලංකාව තවමත් සූර්ය බල සංග්‍රාමය කියමින් පුවත් පත් දැන්වීම් වලට පමණක් සීමා වී සිටී.
තවමත් සිය ගණන් විදුලි බල මණ්ඩල හා ලෙකෝ කාර්යාල වල අවම තරමින් සූර්ය බල සංග්‍රාමය මගින් යෝජිත ක්‍රම සඳහා ඉල්ලුම් පත්‍ර පවා නොමැති අතර මුදල් වියදම් කොට ‘නෙට් මීටර්‘ නොමැතිව බැංකු ණයත්, විදුලි බිලත් දෙකම ගෙවීමට සිදුව ඇති නිවෙස් 1000 ඉක්මවා ඇත . ජනාධිපතිවරයාද බොහෝ සතුටින් සිටින්නේ ලංකාවම සූර්ය බලයෙන් කුල්මත් කොට ලඟදීම ඉන්දියාවටත් දහවල් කාලයේ විදුලිය දිය හැකි මානසිකත්වයකිනි. නමුත් සුපුරුදු සොයා නොබලන කළමනාකාරිත්වය තුල සූර්ය බල සංග්‍රාමය නම් විකාරය තුල ජනතාව පීඩා විඳින අතර මෙම ජනතාව ඉහල මධ්‍යම පැලැන්තිය හා ඉහල පැලැන්තිය වන බැවින් උද්ඝෝෂණ වලට නොයෑම නිසා කිසිවකු මෙම අර්බුදය පිළිබඳ නොදනී .
අප මෙම තොරතුරු වාර්තා කරනුයේ ඉතා වගකීමෙන් වන අතර ඇමතිවරයා මෙම කරුණු ප්‍රතික්ෂේප කරන්නේ නම් දිවයින පුරා පීඩාවට පත්ව ඇති ජනයාගේ තොරතුරු ඒකරාශී කොට සත්‍ය පෙන්වා දිය හැකි බවද දැඩි වගකීමකින් යුතුව සඳහන් කරමු.
රටේ බලශක්ති පිළිබඳ නිසි ප්‍රතිපත්තියක් තිබේ නම් කළ යුතුව ඈත්තේ සූර්ය බලයට පමණක් නොව සුළං බල විදුලි පද්ධතිද බදු නිදහස් කොට එම මිල දැරිය හැකි පන්තියේ අයට සවිකර ගැනීමට දීමයි මන්ද යත් දිළිඳු නිවෙස් වල අධික විදුලිය වැයවන වායු සමීකරණ වැනි උපාංග නොමැති වීමය. රජය මෙම එළැඹෙන බලශක්ති අර්බුදය හමුවේ ව්‍යාපාරික නොවන, අධික විදුලිය භාවිත වන ධනවත් නිවාස, උදාහරණ ලෙස මාසිකව යුනිට් 300 ට වඩා භාවිත කරන නිවාස සඳහා දැනට කොතෙක් භාවිත කලත් අය කරන රුපියල් 45 හේ එ්කක මිල, එ්කක 300-500 දක්වා රුපියල් 60 ක් ද එ්කක 500 ට වැඩි නිවාස සඳහා රුපියල් 100 ක් ද ආදී ලෙස මිල වැඩි කරන්නේ නම් ඉහල පැලැන්තිය හා ඉහල මධ්‍යම පැලැන්තිය විදුලිය අර පරිස්සම් කිරීම හෝ සූර්ය බලය හෝ සුළං බලය වෙත යනු ඇත. සූර්ය බල හෝ සුළං විදුළි බල පද්ධති සවිකොට විදුලි බල මණ්ඩලය හා ගිවිසුම් ගතව අතිරික්තය ප්‍රධාන පද්ධතියට සපයන අය සඳහා විදුළි මෝටර් කාර් බදු රහිතව මිලදී ගැනීමට සැලැස්වීම වැනි දෙයක් කළ හැකි නම් ඉන්ධන සඳහා රටේ විදේශ විනිමය පිටට ගලා යාමද අඩු කරගෙන බලශක්ති අර්බුදයට පිළියම් සෙවිය හැක.
රටේ සියලුම කාර්යාල සඳහා 2017 වසර තුල සූර්ය බලයට මාරුවීමට බල කිරීමත් , සූර්ය බල පැනල දේශීයව නිෂ්පාදනයට බදු සහන ලබා දීමත් කළ යුතුය. මන්ද යත් දැන් සූර්ය බල පැනල නිපදවීම රොකට් තාක්ෂණයක් නොවන බැවිනි.
දැනට රටට මූලිකව ඇති ගැටලුව වන්නේ ජලාශ වල ප්‍රමාණවත් ජලය නොමැති නිසා රාත්‍රී කාලයේ විදුලිය උත්පාදනය කිරීමේ අසීරු තාවයයි . මේ සඳහා විකල්ප ලෙස දහවල් කාලයේ උපරිම සූර්ය බලය නිෂ්පාදනය කිරීම සඳහා අවම වශයෙන් මෙගාවොට් එකක් සඳහා ආයෝජනය කළ හැකි සියල්ලන් සඳහා සූර්ය බලාගාර අනුමැතිය ලබා දී දූෂිත රාජපක්ෂ පාලනය ලබා දී තවමත් බලාගාර ආරම්භ නොකළ අයගේ බලපත්‍ර අහෝසි කිරීමත් අත්‍යාවශ්‍යය. වැඩි වන දහවල් සූර්ය බලය භාවිතා කොට දහවල් කාලයේ ජලාශ වල ජලය ඉතිරි කොට රාත්‍රී කාලය සඳහා පමණක් යොදා ගැනීම කළ හැකිය.
දෙවැන්න සූර්ය බලය ගබඩා කර ගැනීම සඳහා ඇම්පියර් 120 බැටරි වැනි විකල්ප සඳහා බදු සහන දී ද්විත්ව සූර්ය බල පද්ධති සවිකර ගැනීමට ජනතාව පෙළැඹවීමයි. මෙමගින් ජනතාවට අමතර සහනයක් ලැබෙන අතර එනම් විදුලිය විසන්ධි වුවත් නිවසේ විදුලි බලය ලබා ගැනීමට ගබඩා පහසුකම් තිබීම හා මාසිකව විදුලි බිලක් වෙනුවට රජයෙන් අදායමක් සමග දිවා රෑ බාධාවකින් තොරව විදුලිය ලබා ගැනීමට හැකි වෙයි. ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත නවීන ටෙස්ලා නිවාස සඳහා භාවීත කරන බැටරි වැනි නිෂ්පාදන බදු නොමැතිව ගෙන්වීමට අවසර දීමත් කළ හැකි වැදගත් කටයුත්තකි
තෙවැන්න සුළං බලය ප්‍රචලිත කිරීම හෝ සුළං සහ සූර්ය බලය මගින් දිවා රෑ දෙකෙහිම විදුලිය ලබා ගැනීමට ජනතාව යොමු කිරීමයි
හතරවැන්න මහා පරිමාණයේ යෝජනා ලෙස දෙමුහුන් සූර්ය බල ක්රමයන් භාවිත කිරීමයි. මෙමගින් සිදුකරන්නේ දහවල් කාලයේ සූර්ය බලය නිපදවන අතරම පොලොව අභ්‍යන්තරයේ ඇති දැවැන්ත වතුර ටැංකි රත්කොට රාත්‍රියේ ඒවායේ හුමාලය ටර්බයින් සඳහා භාවිතා කොට විදුලිය උත්පාදනය කිරීමයි.
පස්වැන්න මුහුදු රැල්ලේ ඇති චාලක ශක්තිය ටර්බයින් මගින් විදුලිය නිපදවීමේ යුරෝපයේ ප්‍රචලිත ක්‍රමය භාවිතා කිරීමයි. රට වටේම මුහුදක් හිමි අප ඉන් ඵල ප්‍රයෝජනයක් ගැනීමට මේ සුදුසුම කාලයයි.
මේ වන විට ලෝකයේ තාක්ෂනය ඉහලටම දියුණු වී ඇති අතර සූර්ය බලය නිෂ්පාදනය කරන මතුපිට පොලව සහිත මාර්ග ද, සම්ප්‍රදායික සූර්ය පැනල වෙනුවට සූර්ය බලය උත්පාදනය කළ හැකි සෙවිළි උළු වර්ග, ජනේල වර්ග, උස් ගොඩනැගිලි සඳහා සූර්ය බලය නිශ්පාදනය කරන වීදුරු වර්ගද වේ.
තවමත් අප වැනි රටවල් පසුගාමී වී ඇත්තේ කලා විෂයන් උගෙන පරිපාලන බක්කන් වී තීන්දු තීරණ ගන්නා මන්ද බුද්ධික බලධාරීන්ද ඊටම සරිලන 9 වන ශ්‍රේණිය පමණක් සමත් දේශපාලුවන්ද, ඔවුන්ගෙන් ඇහිඳ ගන්නා දේ දොඩවන මොළයක් කියා කළඳක් නැති හැකර කටක් පමණක් ඇති ජඩමාධ්‍ය කාරයන්ද නිසා ය. නැතිනම් විදුලි අර්බුදයට වැස්ස ඉල්ලා බෝධි පූජා තියන, පිරිත් කියන ගොබ්බයන් පිරිසක් රටට බිහි විය නොහැකිය.
නව තාක්ෂනය හා දැනුම රටට ලබා ගැනීමට මෙන්ම නව තාක්ෂණය සඳහා ආයෝජනයට බාධා ඇති කරවන අනවශ්‍ය බදු පැනවීම් මෙන්ම අස්ථිර බදු පැනවීම් (එක් වසරක ඉවත් කරන බදු තවත් වසරක පැනවීම ) වැනි කාරණා ද තිබියදී ‘2030 තිරසාර යුග‘ ගැන කතා කිරීම අමු විහිළුවකි.
තාක්ෂණික අර්බුදයකදී තාක්ෂණික කාරණාවන්ට මුල් තැන දී පිළිතුරු සොයනවා විනා ‘පිරිත් පැන්‘ වලින් පිළිතුරු සොයන රටේ ලොක්කන්ගේ සහ සොක්කන්ගේ බුද්ධිය පෑදිම උදෙසා මෙවැන්නක් ලියුවද එළැඹෙන බලශක්ති අර්බුදයෙන් සුළු කර්මාන්ත කරුවන් හා පොදු ජනතාව නියත බැටකෑමක් කන එක නම් වැළැක්විය නොහැකිය.
එවිට ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණෙන්නැයි ඉතා ආඩම්බරයෙන් ආයෝජකයන්ට ආරාධනා කරන විට ඔවුන්ගේම ජෙනරේටර් යන්ත්‍රත් රැගෙන එන්නැයි දත් තිස් දෙකම විලිස්සා කිව හැකිය.