Post by solar2016 on Jun 3, 2016 12:14:38 GMT 5.5
අපට පැවරෙන ප්‍රධාන වගකීමක් තමයි විදුලිය ජනනය කිරීම. ඒ අතරිනුත් පුනර්ජනනීය බලශක්තිය නිපදවීම අළුතෙන් එක්වූ විශේෂ වගකීමක්. විශේෂයෙන්ම නෙට් මිටරින් ක්‍රමය අපට ඉතාම වැදගත්. අලූත් දේවල් කරන්න අපි නිතරම උත්සාහ කරනවා. ඒ නිසා තමයි නෙට් මීටරින් ක්‍රමය හඳුන්වාදෙන්න හැකිවුණේ. මේ හා සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාව වඩාත් තරගකාරී ආකාරයකින් තම හඳුන්වාදීම් සිදුකරනවා. ඔවුන්ගේ තරගය තුළින් පාරිභෝගිකයා අවසානයේ යම් සංකීර්ණත්වයකට පත්වෙනවා. අමාත්‍යාංශයක් හැටියට පාරිභෝගිකයා මෙම සංකීර්ණත්වයෙන් ගලවා ගැනීමට යම් ප්‍රමිතියක් ඇති කිරීිමට අපිට වගකිමක් තිබෙනවා. අපේ රටේ සෘජු බදු ප්‍රමාණය ගොඩක් අඩුයි. අපේ රටේ ඒක පුද්ගල ආදායමේ හැටියටත් බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය අනුවත් සෘජු බදු ගෙවන්නන් ලක්ෂ 10 ක් 12ක් සිටිය යුතුයි. නමුත් ඉන්නේ ලක්ෂ 03 ක් වගේ කොටසක්. සමස්ත සමාජයත් සමග බලද්දි තවත් සහන දෙනවා කියන්නේ ප්‍රශ්නයක් වෙනවා. ඒ සියල්ල තුලනය කරලා තමයි රජයකට තීරණ ගන්න වෙන්නේ . ඒ තුලනාත්මක ගමනේදීත් වැඩිවැඩියෙන් උදව් කළයුතු හඳුන්වාදිය යුතු ක්ෂේත්රයක් වශයෙන් නෙට් මීටරින් ක්ෂේත්රය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. කෙසේ හෝ මෙම නෙට් මීටරින් ක්‍රමය යටතේ සෑම නිවසක්ම බලාගාරයක් වන දිනය වැඩි ඈතක නොවේ” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති නිවාස ලක්ෂයක් නෙට් මීටරින් ක්‍රමය හා ජාලගත කිරීමේ සූර්ය කාන්ති සංග්‍රාමය හා සම්බන්ධ සූර්යබල පද්ධති ස්ථාපිත කරන්නන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී පෙරේරා මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.
2010 වසරේ ආර්ම්භ කරන ලද නෙට් මීටරින් ක්‍රමය පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යායාමයේ එක් වැදගත් අංගයකි. මේ වනවිට නෙට් මීටරින් හා සම්බන්ධව මෙගාවොට් 20ක පමණ ධාරිතාවයක් ජාලගත කිරීමට හැකිවී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා,
අපේ අමාත්‍යාංශය අනිත් අමාත්‍යාංශත් සමග බැලීමේදී වඩාත් සංවේදී. ජනතාවට එක මොහොතකවත් අපේ අමාත්‍යාංශය නැතිව බැහැ. නිවාස හිමියෝ පනස්පන් ලක්ෂයක් සහ ව්‍යපාරික ප්‍රජාව හඩනගනවා අපේ අමාත්‍යාංශය එක මොහොතක්වත් අක්‍රීය වුණොත්. ශබ්ද නැති සමාජයක් සමග ඕනෑම දෙයක් කරන්න පුළුවන්. නමුත් අපේ අමාත්‍යාශයට එහෙම බැහැ. අපේ අමාත්‍යාංශය සමග නිරන්තරයෙන්ම බැඳිලා ඉන්නේ හඩක් නගන ජනතාවයි නියෝජ්‍ය අමාත්‍යතුමාගේ විශාල කැපවීම මත අපි මේ වනවිට වසර 2030 දක්වා වූ විදුලි ජනන සැලසුම් සකස් කරමින් සිටිනවා. මෙම සැලසුම් සකස් කිරීමේදී මිල අවම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත විශාල වශයෙන් නැඹුරු වීමටත්, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන අංශයන් වෙත වැඩි සැලකිල්ලක් යොමුකරමින්, ඔවුන් වෙත සහන ලබාදෙමින්, යම් ප්‍රමිතියක් යටතේ විදුලි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට සැලසුම් සකස් කරනවා යැයි පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය ලංකා විදුලි පුද්ගලික සමාගම, පුනර්ජනනීය බලශක්ති අධිකාරිය යන ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම නෙට් මීටරින් සමාගම් නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වූහ.
www.facebook.com/powermin.gov.lk/