Post by පුංචිබන්ඩා on Jun 19, 2016 18:23:01 GMT 5.5
vivaranews.com, 2016 ජූනි 17, සුපුන් ළහිරු ප්‍රකාශ්, සම්පත් ඒකනායක සහ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු
අලි මිනිස් ගැටුම, එසේත් නැතිනම් වන අලින් විසින් මිනිසුන්ගේ බව - භෝග, ගේ - දොර, හා ජීවිත විනාශකිරීම දිනෙන් දිනම උග්‍ර වන සමාජ, ආර්ථික හා පාරිසරික ප්‍රශ්නයක් බවට පත්වෙමින් පවතී. ඊට විසඳුම් සෙවීමට විවිධ පාර්ශව නොයෙකුත් ආකාරයෙන් උත්සාහ දැරුවද මේ දක්වා ඒ විසඳුම් යෝජනා සැළකියයුතු සාර්ථකත්වයක් අත්කරගෙන නැත.
අලි - මිනිස් ගැටුම පාලනය කර මිනිස් ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීමට යොදා ගත හැකි හොඳම විසඳුමක් ලෙස විදුලි වැට හැඳින්විය හැකිය. රුපියල් කෝටි ගණනක් මහජන මුදල් විය පැහැදම් කරමින් විදුලි වැට ඉදිකර අලි - මිනිස් ගැටුම පිටු දැකීමට උත්සාහ දැරුනේ එබැවිණි. නමුත් දිවයින පුරා විවිධ ප්‍රදේශ වල ඉදිකල විදුලි වැටවල් බොහොමයක් අපේක්ෂිත සාර්ථක ප්රතිලාභ අත්කරදී නොමැත. විදුලි වැට බිඳගෙන ගම් වදින අලි ඇතුන් බාධාවකින් තොරව යලි යලිත් මිනිසුන්ගේ ජීවිත වලට තර්ජන එල්ල කරමින්, ජන ජීවිත අඩාල කරමින් සිටී. මෙම ගැටුම නිසා වසරකට මිනිස් ජීවිත හැත්තෑවක් පමණ අපට අහිමි වෙයි. ඒ මිනිස් ජීවිත වල වටිනාකම අපට මිල කල නොහැක. එසේම මිනිසුන්ගේ නිවාස, යටිතල පහසුකම්, හා බව භෝග විනාශ වීම නිසා වාර්ෂිකව විශාල ආර්ථික හානියක් සිදුවේ. මෙම ගැටුමේ අනෙක් පාර්ශවය වන අලි ඇතුන් ද ඉන් ඉමහත් පීඩාවට පත්වන අතර වාර්ෂිකව සද්දන්තයන් දෙසිය පනහක් පමණ අලි - මිනිස් ගැටුමට බිලිවේ.
නමුත් පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇති ආකාරයට විදුලි වැට මගින් අලි - මිනිස් ගැටුම පාලනය කිරීම අසාර්ථක වී ඇත්තේ බොහොමයක් විදුලි වැටවල් නියමාකාරයෙන් ස්ථානගත වී නොතිබීම හේතුවෙනි. අලි ඇතුන්ගේ වාසභූමි හා මිනිසුන් ජීවත්වන ගම්මාන අතර සීමාවේ විදුලි වැට ඉදි නොවී වෙනත් ප්‍රදේශ වල විදුලි වැට ඉදිවීම මෙම තත්වය ඇතිවීමට හේතුවී තිබේ. උදාහරණයක් වශයෙන් ඇතැම් විදුලි වැට ඉදිවී ඇත්තේ වනජීවී රක්ෂිත (ජාතික වනෝද්‍යාන, අභයභූමි වැනි* සීමාවන් වල ය. එමගින් එම වනජීවී රක්ෂිත වල ජීවත්වන අලි ඇතුන්ට පිටතට ඒමට නොහැකි වීමට පිළිවන. නමුත් අලි ඇතුන් ජීවත් වන්නේ වනජීවී රක්ෂිත ඇතුලත පමණක් නොවේ. බොහෝ වනජීවී රක්ෂිත මායිම්ව ඇත්තේ ද මිනිස් වාස භූමි වලට නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැලෑවලට ය. අලි ඇතුන් බොහොමයක් ජීවත් වන්නේ වනජීවී රක්ෂිත වලින් පිටත ඇති වනාන්තර කොටස්, බැදි කුට්ටි වලය. වනජීවී රක්ෂිත වලින් පිටත ජීවත්වන අලින්ට මිනිසුන් ජීවත්වන ගම්මාන හෝ ගොවි බිම් ආක්‍රමණය කිරීමට, වනජීවී රක්ෂිත සීමාවේ සහ යාබද වනාන්තර අතර පිහිටි විදුලි වැට බාධාවක් නොවේ. වනජීවී රක්ෂිත වටා විදුලි වැට ඉදිකර එම රක්ෂිත තුලට සියළු අලි ඇතුන් සීමා කිරීමට කොතරම් උත්සාහ දැරුවද මේ වනතෙක් එම උත්සාහයද සම්පුර්ණයෙන්ම සාර්ථකත්වය අත්කරගෙන නැත.
වර්තමානයේ අලි ඇතුන් ගම් වැදීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විදුලිවැට ගම්මාන වලට දුර බැහැරින් පිහිටා තිබීම හා ලඳු කැලෑ හා මුඩුබිම් යනාදියද, වසරේ යම් කාලසීමාවකදී පමණක් වගා කටයුතු සිදුකරන කුඹුරුද ඇතු`ඵ වන පරිදි විදුලිවැට ඉදිකිරීමය. එබැවින් සෘජුව විදුලිවැට මගින් ගම්මාන ආරක්ෂාවීම සිදු නොවන අතර ගම්වාසීන්ට විදුලිවැට නඩත්තු කිරීම අපහසු කාර්යයක් බවට පත්වේ. එමෙන්ම විදුලිවැට සමීපයට එන අලියෙකුට ගම්වාසීන් නොපෙනීමද අලින් වැට කැඞීමට ඇති ප්රවනතාවය වැඩි වීමට හේතුවේ. කාලයාගේ ඇවෑමෙන් දුර්වල වන එවැනි විදුලි වැට බිඳගෙන ගම් වැදීම අලි ඇතුන්ට පහසු වන අතර එමගින් අලි ඇතුන් විදුලි වැට බිඳ හෙලීමට ඉගෙන ගැනීමද සිදුවේ.
විදුලි වැටක් යනු අලියකු බිය වද්දා ආරක්ෂාව සලසා ගන්නා උපායක් පමණි. අකාර්යක්ෂම හා ක්‍රියාවිරහිත විදුලි වැටක් සමග සෙල්ලම් කිරීමටත් එය කඩා බිඳ දැමීමටත් හුරුවූ අලින් කොතරම් හොඳින් නිර්මාණය කල විදුලි වැටක් වුවද බිඳ දැමීමට පෙළඹෙති.
අප යමක් ආරක්ෂාකර ගත යුතුද ඒ ඉලක්කය සාර්ථකව ඉටුකර ගැනීමට නම් ආරක්ෂක උපක්‍රමය අප ආරක්ෂාව ලබා දීමට තැත් කරන දෙයට සමීප විය යුතුය. අප නිවසේ ආරක්ෂාවට දොරටුවක් නිර්මාණය කරන්නේ එහි අගුල දැමූ විට වෙනත් කිසිවෙකුටත් නිවසට ඇතළු විය නොහැකි ලෙසය. අප අපගේ ඉඩමට වැටක් ඉදිකර ගේට්ටුවක් යොදන්නේ පිටස්තර කිසිවෙකුත් අප ගෙවත්තට අනවසරයෙන් ඇතුළුවීම වලක්වීමටය. අප නිර්මාණය කරන දොර හෝ වැට වෙනත් ගෙයක හෝ වත්තක තැබීමෙන් අප බලාපොරොත්තුවන ආරක්ෂාව නොලැබේ.
ඒ හා සමානවම අලි මිනිස් ගැටුමෙන් පීඩා විඳින ගම්මාන වටා විදුලි වැට ඉදිකර ආරක්ෂාකර ගැනීම මගින් අලි - මිනිස් ගැටුම මැඩලීමෙහිලා අති විශාල සාර්ථකත්වයක් අත්කර ගත හැකිය. එමගින් වන අලින්ට ගම්වැදීමට ඇති ඉඩ කඩ ඉතා අවම වෙයි. ඊට හේතුව වන්නේ ගම වටා විදුලි වැට ඉදිකර ඇතිවිට එය ගම්මානයේ ජනතාවට සමීප වීම නිසා ඒ ගැන අවධානය යොමු කිරීම හා ආරක්ෂා කරගැනීම පහසු වීමයි. විදුලි වැට මාර්ගය දිගේ වර්ධනය වන වල් පැල ඉවත්කිරීම, ශුද්ධ පවිත්‍ර කිරීම වැනි සුළු නඩත්තු කටයුතු සිදුකිරීමද මෙමගින් පහසු වෙයි. ගම්මුන් තම ඉඩමේ මායිම ආරක්ෂා කරගැනීම සඳහා දක්වන උනන්දුවම තම ජීවිත, දේපොළ හා බව භෝග ආරක්ෂා කර දෙන විදුලි වැට ආරක්ෂා කරගැනීමට ද යොදා ගැනීමට මෙම ග්‍රාමීය විදුලි වැට ක්‍රමය මගින් හැකියාව ලැබේ. වැට පසෙක පැහැදිලිව මිනිස් ජනාවාසයක් ද අනෙක් පස පැහැදිලි ස්වභාවික පරිසරයක්ද පවතින හෙයින් වන අලින්ගේ වාසභූමි වලින් මිනිසුන් ජීවත්වන ගම්මානය පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීමට අලින්ටද හැකිවේ. ඒ නිසා අලින්ට ගම්මාන මග හරිමින් අවශ්‍ය ආකාරයට උන්ගේ වාසභුමියේ සැරිසරමින් ආහාර හා ජලය සපයාගැනීමටද බාධාවක් ඇති නොවේ. අලියෙකු වැට අසලට පැමිණි විට ගම්වාසීන්ට නිතැතින්ම දිස්වන හෙයින් එසේ අලියෙකු පැමිණි අවස්ථාවක වැට කැඞීමට පෙර එම අලියා පලවා හැරීමට හැකිවනු ඇත. එමෙන්ම වැට සමීපයට පැමිණෙන අලියෙකුටද ගම්වාසීන් දිස්වන හෙයින් අලින් වැට සමීපයට ඒමද වැට කැඞීමට ප්රයත්න දැරීමද ඉතා අල්ප වෙයි.
එබැවින් ගම්මාන වටා විදුලි වැට ඉදිකර ගැනීම මගින් අලි - මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල ජනතාවට තම ජීවිත හා දේපොළ ආරක්ෂා කරගෙන සතුටින් ජීවත් වීමට මෙමගින් මග පෑදේ. දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගම්මාන වටා මෙවැනි ග්‍රාමීය විදුලි වැට ඉදිකරගෙන ඒ ගම්මාන වන අලි තර්ජන වලින් ආරක්ෂා කර ගැනීමට මේ වනවිට හැකියාව ලැබී තිබේ. එම ගම්මාන වලට එල්ලවූ වන අලි ප්‍රහාර සියයට අනූනමයක් ම වලක්වා ගැනීමට එමගින් හැකියාව ලැබී තිබේ.
නමුත් මෙහිදී ඇතිවන ගැටළුව වන්නේ ගම්මාන වලින් දුර බැහැර ප්‍රදේශවල පිහිටා ඇති කුඹුරු යායන් ආරක්ෂා කර ගැනීමට ග්‍රාමීය විදුලි වැට මගින් පිටිවහලක් නොලැබීමයි. ඒ සඳහා ඇති සරල විසඳුම ග්‍රාමීය විදුලිවැට ඉදිකිරීමට සමගාමීව කුඹුරු යායන් වටා කාලීන විදුලි වැට ඉදිකිරීමයි. අලි - මිනිස් ගැටුම පාලනය සඳහා ගම්මාන ආරක්ෂාකරන ස්ථිර විදුලිවැට හා කුඹුරු යායන් ආරක්ෂාකරන කාලීන විදුලිවැට ඉදිකිරීම ඉතා සාර්ථක ප්‍රතිපල අත්කර දෙයි.
විදුලි වැටක සාමාන්‍ය ක්‍රියාකාරීත්වය කෙබඳුද?
විදුලි වැටක් මගින් සිදුකරන්නේ එහි ගැටෙන සතුන්ට විදුලි සැර වැදීමේ අප්‍රසන්න අත්දැකීමක් ලබා දීමය. වනාන්තරයේ ජීවත්වන සතුන්ට එවැනි අත්දැකීමක් කිසිම අවස්ථාවක ලැබී නැත. එම අත්දැකීම වන සතුන්ට ආගන්තුකය. බිය උපදවන සුළුය. ඒ නිසා විදුලි කම්පනය හොඳහැටි අත්විඳි සතුන් ඉන්පසු විදුලි වැටේ ගැටීමෙන් වැළකී සිටී. එමගින් විදුලි වැට වන සතුන්ට බාධකයක් ලෙස කි‍්‍රයා කරයි.
විදුලි වැටක් සඳහා විදුලිය ලබා දෙන්නේ එනජයිසර (Energizer) යන්ත්‍රයක් මගිනි. එම යන්ත්‍රය වෝල්ට් 12 බැටරියකින් ලැබෙන ධාරාව හෝ වෝල්ට් 240 ගෘහාස්ථ විදුලි පරිපථයකින් ලැබෙන ධාරාව, විදුලි වැටේ ගමන් කරන වෝල්ට් 6000 - 8000 ක් පමණ ඉහළ වෝල්ටීයතාවයක් සහිත මුත් ඉතා කුඩා ඇම්පියර් අගයක් සහිත DC (Direct Current) ධාරාවක් බවට පරිවර්තනය කරයි. එම ධාරාව ගලා යන්නේ කඩින් කඩ වශයෙනි. එක් ස්පන්දනයක් ගලා යාම තත්පරයකින් ඉතා කුඩා කොටසකට සීමා වෙයි. ඒ ස්පන්දන දෙකක් අතර තත්පරයක පමණ කාලයක් පවතී. ඒ නිසා විදුලි වැට ස්පර්ශ වීමෙන් සතුන්ට විශාල කම්පනයක් ඇතිවන නමුත් කිසිඳු හානියක් සිදු නොවේ. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින විදුලි වැටේ කම්බියක් ඇඟ දැවටෙන සතෙකු තුලින් අධි වෝල්ටීය ධාරාව පොලොව දක්වා ගමන් කර පරිපථය සම්පූර්ණ වීමෙන් එම සතාට බලවත් කම්පනයක් ලබා දේ.
බැටරිය ආරෝපණය කිරීම සූර්ය බලයෙන් කල හැකි අතර සමහර එනජයිසර යන්ත්‍ර ගෘහස්ත විදුලියෙන් කි‍්‍රයා කෙරේ.
විදුලි වැටක කි‍්‍රයාකාරිත්වය දක්වන සටහන
E:එනජයිසරය B/M බැටරිය හෝ ගෘහාස්ථ විදුලිය
අලි - මිනිස් ගැටුම පාලනය සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඒවායේ අඩු ලූහුඬුකම් විදුලි වැට අලි - මිනිස් ගැටුම පාලනය කිරීමට යොදා ගත හැකි ඉතා හොඳ මෙවලමකි. නමුත් මේ දක්වා ඉදිකර ඇති විදුලි වැටවල් බොහොමයකින් අපේක්ෂා කරන ලද ප්‍රතිපල නොලැබීමට ප්‍රධානම හේතුව අලි ඇතුන්ගේ චර්යාවන් සහ හැසිරීම් රටා පිළිබඳ නිසි අවධානයක් යොමු නොකර එම විදුලි වැට ස්ථානගතකර තිබීමය.
අලි රංචුවක සාමාජිකත්වය දරන්නේ ගැහැණු සතුන් හා ලිංගිකව පරිනත නොවූ, එහෙමත් නැත්නම් වැඩිවියට නොපැමිණි පිරිමි සතුන් පමණි. පිරිමි අලි පැටවුන් ලිංගිකව පරිනත වීමත් සමග වනයේ තනිව ජීවත් වීමට පෙළඹෙති. එම සතුන් සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘තනි අලින්’ ලෙස හැඳින්වේ. එම තනි අලින් ඇතැම් අවස්ථාවල කිහිප දෙනා බැගින් කුඩා කණ්ඩායම් සෑදීමට ද පෙළඹේ.
අලි ඇතුන්ට තමන්ටම ආවේණික වූ වාසභූමි තිබේ. එම සතුන් තමන්ගේ වාසභූමි වලට විශාල ඇල්මක්, බැඳීමක් දක්වන අතර වසර පුරා විවිධ කාල වලදී තමන්ගේ වාසභූමියේ විවිධ ප්‍රදේශ වලට ගමන් කරමින් ආහාර හා ජලය සපයා ගනී. ඒ සඳහා අලි ඇතුන් දිනකට කිලෝමීටර් පහක පමණ දුර ප්‍රමාණයක් පා ගමනේ යෙදේ. සාමාන්‍යයෙන් ශී‍්‍ර ලංකාවේ අලි ඇතුන්ගේ වාසභූමි වර්ග කිලෝමීටර් පනහත් - දෙසීයත් අතර විශාල ප්‍රදේශයක පැතිර පවතී. අලි ඇතුන්ගේ පැවැත්මට දිනකට විශාල ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වේ. එම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට අලි ඇතුන් තමන්ගේ වාසභූමි පුරා සංක්‍රමණය වේ. ඒ අතරතුර තම වාසභූමියේ ඇති ගම්බිම් ද ආක්‍රමණය කිරීමට සමහර අලි ඇතුන්, විශේෂයෙන් සමහර වැඩිමහල් පිරිමි සතුන් පෙළඹේ.
ගැහැණු සතුන් හා පැටවුන් ගෙන් සමන්විත අලි රංචු මිනිසුන්ගේ ගම්බිම් ආක්‍රමණය කිරීමට උත්සාහ දරන්නේ ඉතා සීමිත වශයෙනි. බොහෝ ප්‍රදේශ වල එය මිනිස් වාසස්ථාන වලින් දුර බැහැර පිහිටි අනාරක්ෂිත වගා බිම් වලට සීමාවේ. නමුත් සමහර තනි අලින් හෙවත් වැඩිමහල් පිරිමි අලින්, ගම්මාන වෙත පැමිණ මිනිසුන්ගේ බව භෝග හා දේපොළ හානි කිරීමට වැඩි නැඹුරු තාවයක් දක්වයි. එම අවස්ථා වල ඔවුන් අතින් මිනිස් ජීවිත ද හානි විය හැක.
මෙතෙක් කලක් බොහෝ අවස්ථා වල මෙසේ ඇතිවන අලි - මිනිස් ගැටුම් මැඩපැවැත්වීමට සිදුකලේ ප්‍රශ්න ඇතිකරන හා නොකරන සියළු අලි ඇතුන් උන්ගේ වාසභූමියේ කොටසකට සීමා කර විදුලි වැටක් ඉදිකිරීමට තැත් කිරීමය. එසේත් නැතිනම් එම සතුන් සම්පූර්ණයෙන්ම උන්ගේ වාසභූමියෙන් පිටතට එලවා පිටස්තර ප්‍රදේශයක තිබෙන වන උද්‍යානයකට හෝ අභයභූමියකට ගාල් කිරීමට තැත් කිරීමය.
මෙම වන අලි පාලන ක්රමයේ පදනම සියළු අලි ඇතුන් වනජීවී රක්ෂිත වලට සීමා කිරීම වුවද වසර හැත්තෑවක පමණ සිට මෙම ඉලක්කය සපුරා ගැනීමට දරන ලද ඉමහත් උත්සාහයන් මේ දක්වා බොහෝ විට අසාර්ථකවී ඇත. මේ දක්වා වනජීවී රක්ෂිත වලින් පිටත වන අලින් දිවි ගෙවන ප්‍රදේශ සියල්ලකම පාහේ අලි පැන්නීමේ මෙහෙයුම් සිදු කර ඇත. එනමුත් වනජීවී රක්ෂිත වලින් පිටත වන අලින් දිවි ගෙවන ප්‍රදේශ වල අලි ඇතුන්ගේ පැවැත්මට සුදුසු පරිසර තත්ත්ව පවතින කිසිම අවස්ථාවක එම සතුන්් ඉන් ඉවත් කිරීමට මේ දක්වා හැකියාව ලැබී නැත.
අද වන විටද ශ්‍රී ලංකාවේ වෙසෙන අලි ඇතුන්ගෙන් සියයට හැත්තෑවකට වඩා ජීවත් වන්නේ වනජීවී රක්ෂිත වලින් පිටතය. අලි - මිනිස් ගැටුම සම්පුර්ණයෙන්ම ව්‍යාප්තව පවතින්නේ මෙම වනජීවී රක්ෂිත වලින් බැහැර ප්‍රදේශ වලය.
එමෙන්ම තමන්ගේ නිජබිම් වලින්, වාසභූමි වලින් පන්නා පිටුවහල්කර පිටස්තර වනජීවී රක්ෂිත වලට ගාල් කල අලි රංචු වල සිටින අහිංසක ගැහැණු සතුන්ට හා පැටවුන්ට ආගන්තුක පරිසරය තුලින් උන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වේ. එවැනි අවස්ථා වල එම සතුන් විදුලි වැටෙන් කොටුවූ ප්‍රදේශය තුල සිරවී ආහාර හිඟයකට මුහුණ දෙති. එමගින් ඇතිවන පෝෂණ දුර්වලතා නිසා, විශේෂයෙන් කුඩා අලි පැටවුන් ඉතා අවාසනාවන්ත ලෙස දුක් විඳ බඩගින්නේ මිය යාම සිදුවේ.
තමන්ගේ ආවේණික වාසභූමියේ කොටසකට හෝ ඉන් බැහැර ප්‍රදේශයකට ගාල් කර ඉදිකෙරුණු විදුලි වැට පෙරලාගෙන පිටතට පැමිණෙන අලි ඇතුන්ට හෝ වනජීවී රක්ෂිත වටා ඉදිකෙරුණු විදුලිවැට වලින් පිටස්තරව වාසය කරන අලි ඇතුන්ට ගම්මාන වලට ඇතුළු වී මිනිසුන්ගේ බව භෝග, දේපොළ හා ජීවිත විනාශ කිරීමට කිසිම බාධාවක් නැත. එසේම නිතර නිතර අලි ඇතුන් පලවා හැරීමේ මෙහෙයුම් සිදුකිරීමෙන් හා ඒවාට විශාල වශයෙන් අලි වෙඩි භාවිතා කිරීමෙන් සහ අලි ඇතුන්ට පතොරම් තුවක්කු වලින් වෙඩි තැබීමෙන් අලින්ගේ ප්රචණ්ඩත්වය වර්ධනය වේ. මිනිසුන් කෙරේ වෛරයක් ඇතිවේ. අලි රංචු වල සිටින කුඩා අලි පැටවුන් මිනිසුන්ගේ අලිවෙඩි, ශබ්ධ නැගීම් හා ගින්දර වැනි අලි ඇතුන් සාමාන්‍යයෙන් බිය දක්වන සාධක වලට නිතර මුහුණදීම සිදුවේ. එමගින් ඒවාට ඇති බිය ඉවත්වී යයි. මෙලෙස දිගින් දිගටම අප අලින් සමග ගැටීමෙන් එම ගැටුම තව තවත් වර්ධනය වනවා මිස ගැටුම සංසිඳීමක් සිදු නොවේ. එය ඉදිරියේදී තව තවත් බරපතල අලි - මිනිස් ගැටුම් ඇතිවීමට හේතුවේ.
අලි ඇතුන් යනු ශක්තිමත්, බුද්ධිමත් හා සංවේදී සත්ව විශේෂයකි. වඳවීමේ තර්ජනයට ලක්ව සිටින අලි ඇතුන් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දැඩිව ආරක්ෂාව ලබා දී ඇති සත්ව විශේෂයක්ද වේ. ඒ නිසා එම සතුන්ගේ වාසභූමි සීමා කර හෝ එම වාසභූමි වලින් එම සතුන් පිටමං කර අලි - මිනිස් ගැටුම විසඳීම යථාර්තයක් නොවන බව අප වටහා ගත යුතුය. තමන් ගමක් හෝ ගොවි සමිතියක් ලෙස සංවිධානය වී තම ගමට හෝ කුඹුරු යායට ආරක්ෂාව සලසා ගැනීම ඊට වඩා සාර්ථකව සහ ක්ෂණිකව අලින්ගෙන් ඇතිවන හානි වලක්වා ගැනීමට හැකි ක්රමවේදයකි.
වන අලි ප්‍රහාර වලට ලක්වන ගම්මාන වල ජනතාවගේ ඉල්ලීමක් වන්නේ ‘ප්රශ්නකාරී වන අලින්’ අල්ලා වෙනත් දුර බැහැර ප්‍රදේශයකට ගෙනගොස් දැමිය යුතු බවය. එම අලි පාලන ක්‍රමවේදය හඳුන්වන්නේ අලි ඇතුන් පරිස්ථාපනය (Translocation) යනුවෙනි.
විශේෂයෙන් මිනිස් ජීවිත හා දේපොළ වලට තර්ජන එල්ල කරන බවට චෝදනා ලබන අලි ඇතුන් මේ ආකාරයෙන් පරිස්ථාපනය කෙරේ. ඒ අනුව නිර්වින්දනය කර, අල්ලා බැඳ, ලොරියක බහා එම සතුන් තමන් වෙසෙන පාරම්පරික වාස භූමියෙන් ඉවත් කර වඩාත් දුරබැහැර ආගන්තුක පරිසරයක පිහිටි වනජීවී රක්ෂිතයකට පිටමං කිරීම සිදුකෙරේ.
නමුත් මෙසේ පරිස්ථාපනය කරන ලද අලි ඇතුන්ට ඨඡුී චන්ද්‍රිකා රේඩියෝ කරපටි පලඳවා සංරක්ෂණ පර්යේෂණ ආයතනය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇති පර්යේෂණ මගින් අනාවරණයවී ඇත්තේ ප්‍රශ්න ඇතිකරන ප්‍රචණ්ඩකාරී තනි අලි කිසි ලෙසකත් තමන් ගෙනගොස් දමන වනජීවී රක්ෂිත තුලට සීමා නොවෙන බවය. එම රක්ෂිත වටා විදුලි වැටවල් ඇත්නම් ඒවා කෙසේ හෝ කඩා බිඳ දමමින් ඔවුන් නැවතත් මිනිස් වාසස්ථාන කරා පැමිණෙති. එම සතුන් සමහරෙක් ආගන්තුක පරිසරයට හැඩගැසීමට නොහැකිව අකාලයේ මරණයට පත්වෙති. එසේ නැතහොත් එම ආගන්තුක පරිසරයේ නැවතත් මිනිසුන් සමග ගැටුම් ඇතිකර ගැනීමට හෝ කිලෝමීටර සිය ගණනක් ගෙවා පෙරලා තම මුල් වාසභූමියට පැමිණීමට එම සතුන් පසුබට නොවෙති.
නමුත් අලි - මිනිස් ගැටුම පාලනය සඳහා ගම්මාන ආරක්ෂා කරමින් ස්ථිර විදුලිවැට ද කුඹුරු ආරක්ෂා කරමින් කාලීන විදුලිවැට ද ඉදිකිරීමේ ව්‍යාපෘති තුලින් අලි ඇතුන් කොහේ සිට කුමන ආකාරයකින් පැමිණියද එම සතුන්ට කුඹුරට හෝ ගමට ඇතුළු වීමට නම් කුඹුර වටා හෝ ගම්මානය වටා ඉදිකර ඇති හොඳින් නඩත්තු කරන ශක්තිමත් විදුලි වැට බිඳින්නට සිදුවේ. එමෙන්ම විදුලි වැට ඉදිකර තිබෙන්නේ කුඹුරු හෝ ගම්බිම් ආරක්ෂාකර මිස අලි ඇතුන්ගේ ගමන් මාර්ග හෝ වාසභූමි හරස් කර නොවන බැවින් ඒවා මගහැර උන්ගේ වාසභූමියේ ඇවිද ගොස් ආහාර හා ජලය සපයා ගැනීමට අලි ඇතුන්ට වැඩි නිදහසක් ලැබෙන නිසා ඔවුන් ගම් වැදීමේ ප්‍රවණතාවය බෙහෙවින් අඩුවේ.
මේ පිළිබඳව වැඩි විස්තර සංරක්ෂණ පර්යේෂණ ආයතනය, අංක 26/7, ක්2 පාර, කොඩිගහ වැව, ජූල් පල්ලම, තිස්සමහාරාමය යන ලිපිනයෙන් ලබා ගත හැක.