Post by පුංචිබන්ඩා on Jul 7, 2016 21:27:49 GMT 5.5
www.divaina.com, 2016 ජූනි 11, ඌවතැන්නේ සුමන හිමි
අප තරයේ අධිෂ්ඨාන කරගත යුත්තේ අප භෞතිකව දියුණු වීමට කටයුතු කිරීමේ දී බටහිර මතය අනුව අපට අවශ්‍ය ආකාරයට පරිසරය සකසා ගන්නවා වෙනුවට බුදු දහම අනුව පරිසරයට උචිත ලෙස ක්‍රියා කිරීමයි. එමගින් අපත් රැකෙන, පරිසරයත් සුරැකෙන පිළිවෙතක් අනුගමනය කෙරෙනු නියතය. එහිදී වඩාත් වැදගත් වන්නේ අද අප මේ අනුගමනය කරන නව-ලිබරල්වාදී වෙළඳපොළ අර්ථ ක්‍රමය වෙනුවට බෞද්ධ අර්ථ ක්‍රමය අනුගමනය කිරීමයි. අධි-පරිභෝජනයෙන් වැළකී, ලද දෙයින් සතුටුවීමේ න්‍යාය අනුගමනය කිරීම මගින් ජනගහනය වර්ධනය වුවද පරිසරයට සිදු කෙරෙන හානිය අතිශයින්ම අවම කර ගැනීමට ඉන් මංපෙත් විවර වනු නිසැකය !
පසුගිය සියවස තුළ මානවයාගේ සුබසිද්ධිය උදෙසා නව ඖෂධ නිපදවීමටත්, පොළඹවන සුළු භෞතික හෝ අමුද්‍රව්‍ය නිෂ්පාදනයටත් මෙන්ම මානවයාගේ පදනම හෝ මුලාධාරය සොයාදීමටත් රසායන විද්‍යාවේ වර්ධනය මගින් සිදුකෙරුණු මෙහෙවර අතිවිශාලය. නමුත් ස්පයිඩර් මෑන් හෙවත් මකුළු මිනිසා ප්‍රකාශ කළ ආකාරයට මහා බලයත් සමග මහා වගකීමක් ද පැමිණිමේ න්‍යායට අනුව, වත්මන් ලෝකයේ මානව සමාජය හමුවේ පවත්නා සුවිශාලතම වගකීම වන්නේ පරිසරය සුරැකීමයි.
නිහඩ හෝ තුෂ්ණීම්භූත වසන්තයක්
1962 වසරේදී ලේඛක රැචෙල් කාර්සන් "යසිලන්ට් ස්ප්රිංගේ" නමින් ලොව සුපතළ කෘතියක් සමාජගත කළේය. රසායනික කෘමිනාශක මගින් පක්ෂීන්ට සිදුවන හානිය පිළිබඳව එම කෘතිය තුළින් ප්‍රථම වරට හෙළි කළේය.
ගත වූ වසර ගණනාව තුළ අපගේ පෘථිවි ගෝලය සුරැකීමේ හෝ රැක ගැනීමේ අවශ්‍යතාවයත් වැදගත්කමත්, අත්හළ නොහැකි වගකීමක් වන ආකාරයත් අනාවරණය කරමින් පොත්පත්, ලිපිලේඛන රැසක් ලොව පුරා පළ කෙරිණි.
ස්ටොක්හෝම් සමුළුව
ඉතිහාසයේ ප්‍රථම වරට මානව සංහතියේ නිවහන වන පෘථිවි ගෝලයේ අනාගතය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්‍යයනයක හෝ කතිකාවතක යෙදීමට ලෝක නායකයින්ගේ සමුළුවක් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවැත් වුයේ 1972 ජුනි මස 05 වෙනිදාය. එම සමුළුවට රටවල් 113 ක නායකයින් හෝ නියෝජිතයින් එක්වුහ. මානව ක්‍රියාකාරකම් තුළින් ඒ වනවිට මිහිතලයට සිදුවෙමින් තිබුණු පාරිසරික හානි අවම කිරීම උදෙසා යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳ තීරණ ගැනීමට එම සමුළුව යොදා ගැනීමට එහි මුළු දුන් නායකයෝ පියවර ගත්හ. මිහිතලය උණුසුම් වීම හා එයට බලපාන CFC වායුව පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරුනු ප්‍රථම අවස්ථාව ලෙසිනුත් එය ඉතිහාසයට එක් විය.
එම සමුළුව අවසාන සිදුවු වැදගත්ම සිදුවීම වුයේ එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩ පිළිවෙල හෙවත් සංවිධානය සථාපිත කිරීමයි. එමගින් එක්සත් ජාතින්ගේ සාමාජික රටවල් පරිසරය සුරැකීම උදෙසා ඉටුකරන කාර්යයන් සම්බන්ධීකරණය කිරීමත් සිදුකිරීම ඇරඹුණි. එමගින් ගත් සුවිශේෂතම ජයග්‍රහණයක් වනුයේ "මොන්ට්‍රියල් ප්‍රොටොකෝල්" හෙවත් මොන්ට්‍රියල් මුල් කෙටුම්පතයි. එමගින් CFCS හෙවත් මිහිතලය උණුසුම් කරන හා ඒ හරහා දේශගුණික විපර්යාසවලට තුඩු දෙන වායුන් හෙවත් හරිතාගාර වායුන් තහනම් කරමින් ඕසෝන් සථරයට සිදුකෙරෙන හානිය අවම කිරීමටත් එකඟත්වයකට එළඹුණි. එහෙත් එයට ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව මෙන්ම ඉන්දියාව ඇතුළු රාජ්‍යයන් කිහිපයක් එකග නොවීමත් කැපීපෙනෙන කාරණයකි.
එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන පරිසරය සුරැකීමේ වැඩසටහන් උදෙසා මූල්‍ය ආධාර සිය සාමාජික රාජ්‍යයන්ට ලබා දෙයි. ඒ තුළින් ගෝලීය උණුසුම නවත්වා ගැනීමේ ගිවිසුම ශක්තිමත් කර ගැනීමටත් ජගත් සංවිධානය අපේක්ෂා කරයි.
ඉන් අනතුරුව මිහිතල සමුළුව ජපානයේ ක්යෝටෝ හිදීත් බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවරදී මුළුදුන් නමුත් එහි අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට එම සමුළු පවා අසමත් වුයේ මිහිතලය උණුසුම් කරන හරිතාගාර වායුව විශාල වශයෙන් පරිසරයට මුදාහරින ඇමෙරිකාව වැනි රජ්‍යයන් ගිවිසුමට අත්සන් නොකිරීම මානව සංහතියේ ඉරණමට අයහපත් අයුරින් බලපාන තත්ත්වයක් උද්ගතවී ඇති බවත් තර්කාණුකුල සත්‍යයකි. මේ අතර එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහන මගින් ක්‍රියාවට නැගු පාරිසරික ක්‍රියාකාරී දිනය 2007 වසරේ දී සිංගප්පුරුවේ දී පැවැත් වූ අතර එහිදී සිය වැඩපලවල් තුළ බලය අඩුවෙන් භාවිත කිරීමට තනි තනි පුද්ගලයින් පෙළඹවීමේ වැඩපිළිවෙලක් ද දියත් කෙරිණි.
2013 ජුනි මස 05 වෙනි දින ලෝක පාරිසරික දිනය සැමරීමට සමගාමීව "මිහිතල ගීතයක්" කාව්‍ය තාන්ත්‍රික කේ. අභය එළිදැක්වුයේ නවදිල්ලි නුවර ඉන්දීය සංස්කෘතික සබඳතා සභාව මගිනි. එය ඉන්දීය මධ්‍යම අණ්ඩුවේ අමාත්‍යවරුන් වූ කපිල් සයිබාල් හා ශාෂි තරූර්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එම ජගත් පාරිසරික ගීතය එක්සත් ජාතින්ගේ නිල භාෂාවන් වන අරාබි, චීන, ඉංග්‍රිසී, ප්‍රංශ, රුසියානු, ස්පාඤ්ඤ හා හින්දි යන භාෂාවන් ගෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
මේ අතර 2015 ජුනි මස 05 වැනි දින ජගත් පාරිසරික දිනය සමරා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල නිවස පිහිටි භූමියේ සප්ලින් පැලයක් රෝපණය කිරීමත් සුවිශේෂ සිද්ධියකි.
මිහිතලය අවදානමේ
හරිතාගාර වායුන් මිනිසා විසින් පරිසරයට මුදාහැරීම නිසා පෘථිවි ගෝලයේ ආරක්ෂාවට ස්වාභාවිකව නිර්මාණය වී තිබෙන ඕසෝන් ස්ථරයට හානිවීම තුළින් අප වෙසෙනා මිහිතලය උණුසුම්වීම සිදු කෙරේ. එමගින් පෘථිවියේ ධ්‍රැවාසන්න අයිස් කඳු දියවී සාගර ජල මට්ටම ඉහළ නැගීම සිදුකරයි. ඒ නිසා ලොව පුරා පවත්නා ජනයා වාසය කරන කුඩා දුපත් රාජ්‍යයන් සාගරය තුළට ගිලීයැමේ අතිශය බියකරු අනතුරක් පිළිබඳව විද්‍යාඥයින් ලෝක ප්‍රජාවට අනතුරු අගවන්නේ වසර ගණනක සිටය. එම අවදානමට මුහුණ පා සිටින මාලදිවයිනේ ජනපතිවරයා වරක් සිය අමාත්‍ය මණ්ඩල රැස්වීම "මුහුද යට" පවත්වමින් තමන් මෙන්ම සෙසු දුපත් ජනයා මුහුණ පා සිටින අවදානම කෙරෙහි ලෝක බලවතුන්ගේ අවධානය යොමු කරවා ගැනීමේ උත්සහයක ද නිරත විය.
මෙකී සාගර ජල ප්‍රශ්නයට අමතරව ගෝලීය උණුසුම තුළින් පෘථිවිය තුළ සිදු කෙරෙන දේශගුණික විපර්යාසයන් මගින් වායුගෝලයේ වායු කැළඹිම්, අවපාතයන්, සුළි සුළං, ටෝනාඩෝ, නොකල්හී මහා වැසි, ගංවතුර, නායයැම්, අතරට එල්නිනෝ බඳු මහා ලැව් ගිනි හා නියඟයන් ද ලොව පුරා විවිධ කලාපවල සිදු වෙමින් සවභාවික විපත් වලින් මානව සාමාජය විවිධ විනාශකාරී තත්ත්වයන්ට ගොදුරු වේ.
මේ අතර අභ්‍යන්තර වායු දුෂණය හා එහි අහිතකර සෞඛ්‍ය බලපෑම්වලට අමතරව දර භාවිතය නිසා ගෝලීය පාරිසරික හානියක්ද සිදුවන බව මෑතකදී විද්‍යාඥයන් සොයාගෙන තිබේ. මෙයට හේතුව දර දහනයේ දී දුමාරයන් සමග පිට වන අතිශයින් කුඩා (මයික්‍රෝන 2.5 ට අඩු) දැලි අංශූයි. විද්‍යාත්මකව බ්ලැක් කාබන් හෙවත් කළු කාබන් ලෙස නම් කෙරෙන මේ අංශූ ආශ්වාස කළ විට පෙහළුවලට හානි කරනවා පමණක් නොව, වාතයට මුසු වු විට හිරුගෙන් එන තාපය උරාගෙන මිහිතලය උණුසුම් කිරීමට ද දායක වේ.
මිහිතලය උණුසුම් කරන හා ඒ හරහා දේශගුණික විපර්යාසවලට තුඩු දෙන වායුන් (හරිතාගාර වායුන්) අතර මුල් තැන ගන්නේ කබන් ඩයොක්සයිඩ් වේ. එහෙත් කළු කාබන්, කාබන් ඩයොක්සයිඩ් වලට වඩා 460-1, 500 වාරයක් ප්රබලව මිහිතලය උණුසුම් කරන බව පරිසරවේදී නාලක ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ගෝලීය වශයෙන් දේශගුණයට බලපෑම් කිරීමේදී කළු කාබන් දෙවැනි වන්නේ කාබන් ඩයෝක්සයිඩ් වායුවට පමණි. අපේ දකුණු ආසියානු කලාපයේ මේ බලපෑම ඉතා තියුනුයි. කළු කාබන් වාතයට මිසුවී සුළං ප්රවාහයන් සමග ගමන් කොට හිමාලය කදුවැටියේ ග්ලැසියර හා හිමතට්ටු මත පතිත වේ. කළු පෘෂ්ඨයන් වැඩියෙන් තාපය උරා ගන්නා නිසා එවිට ඒවා දියවීම කඩිනම්ව සිදුවේ. මෙයට අමතරව මෝසම් සුළං, වර්ෂාපතන රටා වෙනස් කිරීමට ද දායක වෙයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයකි.
මැල්තිසියානුවාදය ගැන විමසුමක්
ආර්ථික විද්‍යාඥයකු බවට පසුව පත්වු ඉංග්‍රීසි ජාතික පුජකවරයකු වු තෝමස් රොබට් මැල්තස් ක්‍රි(වර්ෂ 1798 දී ඔහුගේ ජනගහන ප්‍රතිපත්ති පිළිබඳ වූ කෘතියේ ජනගහනය ඉහළ යනුයේ ගණිතමය (1,2,4,8,16,) ආදී ලෙස බවත් එසේ වුවද ස්වාභාවික සම්පත්වල හිඟවීම නිසා ආහාර සම්පාදනය වැඩිවන්නේ අංක ගණිතමය (1,2,3,4,5,6) ආදී ලෙස නියමිත ගණනයකින් බවත් ප්‍රකාශ කර ඇත.
එමනිසා ගෝලීයව වැඩිවන ජනගහනය හේතුවෙන් අවශ්‍යයෙන්ම සවභාවික සම්පත්වල පිරිහීමක් ඇති වන බවත්, ඒ හේතුවෙන් දුප්පත් බව හා සමාජ වියවුල් ඇති වන බවත්, ඒවා වළක්වා ලීමට ත්රීව්ර ජනගහන පාලන ක්‍රම ක්‍රියාත්මක කළයුතුබවත් හෙතෙම විස්තර කර ඇත.
මැල්තස්, ඔහු ජීවත්ව සිටි කාලයේදී එංගලන්තයේ පැවැති සුබසාධක ක්‍රමය වූ දුගී නීතිවලට තදින් විරුද්ධ වී ඇත. දුප්පතුන්ට වැඩි කරුණාව දැක්වීම සියල්ලන්ගේම පරිහානියට මඟක් යෑයි වඩා පොහොසත් සමාජයට අනතුරු හැඟවු මැල්තස්, ස්භාවධර්මයට නිදහසේ ක්‍රියාත්මක වීමට, එනම් දුප්පතුන්ට ඔහේ මියයැමට ඉඩදිය යුතුයෑයි යෝජනා කර ඇත. ඔහුගේ මුඛ්‍ය අරමුණ වුයේ "ළමයින් බේරා ගැනීමට පෙර, ගස්වැල් බේරා ගන්න" යන්නයි.
ඉපදෙන සෑම ළමයෙක්ම හෝ මිනිසෙක්ම පරිසරයේ සෑම අංශයකටම පීඩනයක් බවත් සලකන මැල්තිසියානුවාදීන් වන විනාශය, භූමිය කාන්තාරකරණය වීම, මතු පිට පස් තට්ටු සේදී යැම, ජල පෝෂක ප්‍රදේශ දුෂණය වීම, ඕසෝන් වියමන පළුදු වීම, හරිතාගාර වායු එක්රැස්වීම, ජෛව විවිධත්වය පිරිහි යැම, අම්ල වැසි, ධ්රැව ප්‍රදේශයන් හී අයිස් දියවීම, පෘථිවිය උණුසුම් වීම, පෘථිවිය සිසිල් වීම, පෘථිවිය අඳුරුවීම ආදී සියල්ලටම වගකිවයුත්තේ ජනගහන වර්ධනය බව සලකනු ලබයි.
ඇමෙරිකානු හිටපු උප ජනපතිවරයෙකු වූ අල් ගෝර් ඔහුගේ "අර්ත් ඉන් බැලන්ස්" නැමති කෘතියේ ද විස්තර කරනුයේ පෘථිවිගෝලය පරිසරය ආරක්ෂා කිරීමට නම් පළමුවන උපායමාර්ගික ඉලක්කය විය යුත්තේ ජනගහන ස්ථාවරත්වය ළගා කරගත යුතු බවය.
මේ අතර එංගලන්තයේ, ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජොනතන් ස්ටෝන් ප්‍රකාශ කරනුයේ මානව සංහතිය විසින් පරිසරය විනාශ කිරීමේ ජීව විද්‍යාත්මක යථාර්තය හේතුවෙන් මිනිසුන් මිහිපිට වසංගතයක් බවට පත් වී තිබෙන බවයි. එම විශ්වවිද්‍යාලයේම මහාචාර්ය මොරිස් කිංග් උක්ත මතය තවත් තීව්ර කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනගහන වර්ධනය පාලනය කිරීමට හා පාරිසරික පැවැත්ම සහතික කිරීමට දකුණු ගෝලීය රටවල මහජන සෞඛ්‍ය වැඩසටහන් වලින් මිනිස් ජීවිත රැක දෙන ක්‍රම ඉවත් කළ යුතු බවයි.
බෞද්ධ මතය
පරිසරය සුරැකීම සඳහා තදබල ජනගහන පාලනයක අවශ්‍යතාවයක් ගෙන හැර දක්වන බටහිර විද්‍යාඥයින් හා පරිසරවේදීන්ට එවැනි මානව විරෝධී ස්ථාවරයක සිටිය ද, බොදුණුවන් බහුතරයක් දිවි ගෙවන ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2016 ජනවාරි මස 06 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේ දී පැවැති "නීල හරිත යුගයක් උදෙසා" ප්රතිඥව එළිදැක්වීමේ උත්සහයේ දී සඳහන් කළේ "අද මේ පරිසර සමුළුවේ අපේ අධිෂ්ඨානශීලි වූ ඉලක්කය විය යුත්තේ සොබාදහම ආරක්ෂා කරගෙන අපේ රට සංවර්ධනය කිරීමයි. ආර්ථිකය, ඒවාගේම තිරසර සංවර්ධනය හරිත සංකල්ප රාශියක් සමග අද අපි වගේම මේ අධිතාක්ෂණික ලෝකයේ මානව සමාජයෙ සිය විශිෂ්ට වූ යුග මෙහෙවර ඉදිරියට ගෙන යනවා".
"අපිට අද දවසේ තිබෙන්නේ අතීතයේ නැත්නම් ඊයේ දවසේ අපට අතපසු වූ දේ පිළිබඳ පසුතැවිලිවීම හෝ ඒවා ආවර්ජනය කරමින් පසුගාමී වීම නොව, හෙට දවස වෙනුවෙන් අපේ කාර්යයන්, වගකීම් සහ යුතුකම් ඉටු කිරීමය".
"අද සංවර්ධනය වු රටවල් මෙන්ම ලෝකයේ සියලු ක්ෂේත්රයන්හි විද්වතුන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ තිරසාර සංවර්ධනය පිළිබඳවයි. ඒ වගේම බලශක්ති සංරක්ෂණය සහ හරිත සංකල්පය තුළ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කතා කරනවා. ඒ නිසා අපි කාටත් වගකීමක් හා යුතුකමක් තිබෙනවා මේ පෘථිවිය තුළ ජීවත් වන මිනිසා ප්රමුඛ සියලු සත්ත්වයන්ගෙන්, සියලු ජීවින් ගහකොළ මේ සියලු සොබා දහමේ සංරක්ෂණය, ආරක්ෂාව ප්‍රවර්ධනය, සුරක්ෂිත තාවය, සහ ව්‍යාප්තිය පිළිබඳ අපේ වගකීම් සහ යුතුකම් ඉටුකිරීමට මේ සඳහා ඔබ සියලු දෙනාට ඇත්තේ සාමුහික වගකීමක්".
"මේ හරිත සංකල්පය තුළ කියන්නේත්, පුනර්ජනීය බලශක්තිය තුළ කියන්නේ, තිරසර සංවර්ධනය තුළ කියන්නේත්, මිනිසා භෞතිකව දියුණු විමේදී සවභාවික සම්පත් රැකගෙන එම කටයුතු සිදු කළ යුතු බවයි".
ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ බෞද්ධ මතයයි. ලොව බිහිවූ අග්‍රගණ්‍ය පරිසරවේදියාණෝ අප ගෞතම බුදුන් වහන්සේ බවට විවාදයක් නොමැත. උන්වහන්සේගේ උත්පත්තිය, බුදුවීම මෙන්ම මහා පරිනිර්වාණයත් සිදුවූයේ සොබාදහමත් සමගය.
එම නිසා ජුනි මස 05 වැනි දිනට යෙදෙන ලෝක පරිසර දිනයේ දී අප තරයේ අධිෂ්ඨාන කරගත යුත්තේ, අප භෞතිකව දියුණු වීමට කටයුතු කිරීමේ දී බටහිර මතය අනුව අපට අවශ්‍ය ආකාරයට පරිසරය සකසා ගන්නවා වෙනුවට, බුදු දහම අනුව පරිසරයට උචිත ලෙස ක්‍රියා කිරීමයි. එමගින් අපත් රැකෙන, පරිසරයත් සුරැකෙන පිළිවෙතක් අනුගමනය කෙරෙනු නියතය. එහිදී වඩාත් වැදගත් වන්නේ අද අප මේ අනුගමනය කරන නව ලිබරල්වාදී වෙළඳපොළ අර්ථ ක්‍රමය වෙනුවට බෞද්ධ අර්ථ ක්‍රමය අනුගමනය කිරීමයි. අධි පරිභෝජනයෙන් වැළකී, ලද දෙයින් සතුටුවීමේ න්‍යාය අනුගමනය කිරීම මගින් ජනගහනය වර්ධනය වුවද පරිසරයට සිදු කෙරෙන හානිය අතිශයින්ම අවම කර ගැනීමට ඉන් මංපෙත් විවර වනු නිසැකය.
මානව සංහතියේ තිරසර පැවැත්ම මෙන්ම පාරිසරික තිරසර පැවැත්ම සැබෑලෙසම ජය ගත හැක්කේ එමගින්ම පමණි. මිනිසා ධනවාදය ලඟාකර ගැනීමට පෙර, මිහිතලයත් මානව සමාජයත් වසර ලක්ෂ ගණනක් කිසිදු අවදානමකින් තොරව පැවැති අයුරුත් අපි මෙනෙහි කළ යුත්තෙමු. ඒ සඳහා රටේ පාලක ඇත්තන්ට නැණ නුවණ යථාර්ථවාදීව පහළ වේවා.